ප්‍රමුඛ පුවත 1

කටුනායකින් ස්වර්ණාභරණ තොගයක් රැගෙනයාමට උත්සහ කල පුද්ගලයෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – ස්වර්ණාභරණ තොගයක් කටුනායක ගුවන් තොටුපලෙන් පිටකර කොළඹ බලා රැගෙන යාමට උත්සහ කල පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනේ.

රුපියල් ලක්ෂ 21 ක් වටිනා ග්‍රෑම් 369 ක් බර ස්වර්ණාභරණ තොගයක් මෙලෙස  බස් රථයකට ගොඩවී සිටි පුද්ගලයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ පදිංචි 23 හැවිරිදි  තරුණයා සතුව තිබී මෙම රන්භාණ්ඩ තොගය ඊයේ සොයාගත් බව ගුවන් තොටුපල රේගුව සඳහන් කළේය.

මෙම ස්වර්ණාභරණ තොගය ඉන්දියාවේ සිට පැමිණි මගියෙකු කොාළඹට රැගෙන ගොස් භාරදෙන ලෙස තමන්ට ලබාදුන් බව මොහු ප්‍රකාශ කර තිබෙනවා. පෙන්ඩන්ට් 16ක්, කරාබු 21ක්, මුදු 11 ක් සහ වළලූ 21 ක් මෙම ස්වර්ණාභරණ තොගය අතර පවතින බවයි රේගුව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය සේවාව යළිත් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස දීර්ඝ කෙරේ (වීඩියෝ)

Mohamed Dilsad

පුරප්පාඩු ඇති ජාතික පාසල් විදුහල්පති තනතුරු සම්පූර්ණ කිරීමට පියවර

Mohamed Dilsad

මුතුවෙල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි

Mohamed Dilsad

Leave a Comment