ප්‍රමුඛ පුවත 1

කටුනායකින් ස්වර්ණාභරණ තොගයක් රැගෙනයාමට උත්සහ කල පුද්ගලයෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – ස්වර්ණාභරණ තොගයක් කටුනායක ගුවන් තොටුපලෙන් පිටකර කොළඹ බලා රැගෙන යාමට උත්සහ කල පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනේ.

රුපියල් ලක්ෂ 21 ක් වටිනා ග්‍රෑම් 369 ක් බර ස්වර්ණාභරණ තොගයක් මෙලෙස  බස් රථයකට ගොඩවී සිටි පුද්ගලයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ පදිංචි 23 හැවිරිදි  තරුණයා සතුව තිබී මෙම රන්භාණ්ඩ තොගය ඊයේ සොයාගත් බව ගුවන් තොටුපල රේගුව සඳහන් කළේය.

මෙම ස්වර්ණාභරණ තොගය ඉන්දියාවේ සිට පැමිණි මගියෙකු කොාළඹට රැගෙන ගොස් භාරදෙන ලෙස තමන්ට ලබාදුන් බව මොහු ප්‍රකාශ කර තිබෙනවා. පෙන්ඩන්ට් 16ක්, කරාබු 21ක්, මුදු 11 ක් සහ වළලූ 21 ක් මෙම ස්වර්ණාභරණ තොගය අතර පවතින බවයි රේගුව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුනාමි ව්‍යසනයෙන් විපතට පත්වූවන් සිහිපත් කිරීමට ජනපති එක්වෙයි

Mohamed Dilsad

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් අද

Mohamed Dilsad

ජාතික සිරකරු සැමරුම් දිනයට සමගාමීව අදයි. සිරකරුවන් හමුවීමට ඥාතීන්ට අවස්ථාව

Mohamed Dilsad

Leave a Comment