ප්‍රමුඛ පුවත 1

ජනාධිපති ඝාතනයට අදාල ප්‍රකාශ ලබා ගැනීමට අධිකරණයෙන් CIDයට අවසර

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් බන්ධනාගාර රැඳවූවන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්‍ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම බන්ධනාගාරවල අධිකාරවරුන්ට ඊයේ(20) පස්වරුවේ නියෝග කර ඇත්තේ  වැලිකඩ හා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරවල මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් 5 දෙනෙකුගෙන් මෙලෙස ප්‍රකාශ ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙසයි.

ඒ අනුව මේ මස 26  සිට ලබන 12 වනදා දක්වා කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 6 දෙනෙකුට එකී ප්‍රකාශ ලබාගැනීමට ද මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දී තිබේ.

බුද්ධි තොරතුරු මත පදනම්ව ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බැවින් අදාළ රැඳවියන්ගෙන් ප්‍රකාශ ගැනීමට අවශ්‍ය බවට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රිපිටකාභිවන්දනා සතිය ඇරඹේ

Mohamed Dilsad

මාඳුරුඔයට මෙගා වොට් 100ක සූර්ය බලාගාරයක් ඉදිකිරීම සදහා අනුමැතිය…

Mohamed Dilsad

සිරිපා වන්දනා සමය උඳුවප් පෝ දිනයෙන් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment