ප්‍රමුඛ පුවත 1

විමල් ඇප ඉල්ලා අභියාචනාධිකරණයට යයි

(උදයම්, කොළඹ) – රජයේ වාහන අවභාවිතයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ යළිත් ඇප ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ අද (04) ප‍්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළේය.

ඒ අනුව ඉදිරිපත් කෙරුණු ප‍්‍රතිශෝධන පෙත්සම අපේ‍්‍රල් මස 07වන දින සළකා බැලීම සඳහා අභියාචනාධිකරණයෙන් අද (04) නියම කළේය.

තමන්ට ඇප ලබා දීම සඳහා කොළඹ මහාධිකරණයේ ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම නිෂ්ප‍්‍රභා කර ඇති බවත් එම නියෝගය සංශෝධනය කොට තමාට ඇප පිරිනැමිම සඳහා කටයුතු කරන ලෙසත් මෙම අදාළ පෙත්සම මගින් මන්ත‍්‍රීවරයා ඉල්ලා තිබේ.

Related posts

උතුරේ පළාත් ආණ්ඩුකාරවරයා කැනඩා රාජ්‍ය මහ කොමසාරිස්වරයා හමු වෙයි

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාව සමග තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

වහළයක් කඩා වැටීමෙන් සිසුන් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment