ප්‍රමුඛ පුවත 1

බැදුම්කර පිළිබද වෝහාරික විගණන වාර්තා විවෘත නොකිරීමට පියවර

(UTV | කොළඹ) – මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබද වෝහාරික විගණන වාර්තා මීළග කෝප් කමිටුව ස්ථාපනය කරන තෙක් රහස්‍ය වාර්තාවක් ලෙස කෝප් කමිටු ලේකම් කාර්‍යාලයේ තැබීමට හිටපු කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා තීරණය කර තිබේ.

වෝහාරික ගිණුම් පිළීබද වාර්තා 05 ක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලැබී තිබුණී.

මෙම වාර්තා කෝප් කමිටු සාමාජිකයන්ට පමණක් පරිහරණය කළ හැකි බවටත් ,ඒවා නීතිමය කටයුතු සදහා පමණක් භාවිත කළ යුතු බවටත්, නීතිපතිතුමා ලබා දී ඇති උපදෙස් ප්‍රකාරව ඒවා රහස්‍ය ලෙස තබා ගැනීමට කටයුතු කරන බව ද හදුන්නෙත්ති මහතා පැවසීය.

ඒ අනුව එම වෝහාරික ගිණුම් වාර්තා විවෘත නොකෙරුනු බවත්, ඒවා නැවත කෝප් කමිටුව ස්ථාපනය වූ පසු එහි සාමාජිකයන්ගේ අනුමැතිය මත ඒ පිළිබදව පියවර ගන්නා ලෙස තමන් කෝප් කමිටු ලේකම් කාර්‍යාලයට උපදෙස් දුන් බවත් ඒ මහතා කීවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වැඩබලන අගවිනිසුරු ලෙස බුවනෙක අලුවිහාරේ පත්කෙරේ

Mohamed Dilsad

කුරුදුවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කෙරෙයි

Mohamed Dilsad

ජාත්‍යන්තර බෝරා සමුළුව අදින් අවසන්

Mohamed Dilsad

Leave a Comment