ප්‍රමුඛ පුවත 1

ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ ශල්‍යාගාර 06ම වසා දමයි.

(UTV| කොළඹ) – ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ මධ්‍යම වායු සමීකරණ පද්ධතිය යළිත් වරක් අක්‍රිය වීමෙන් එහි ශල්‍යාගාර 06 ම වසා දමා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කරයි.

මේ හේතුවෙන් පොරොත්තු ලේඛණයේ සිටින රෝගීන් විශාල පිරිසකට ශල්‍යකර්ම කිරීම නවතා දැමීමට සිදුව ඇති බව එහි ගම්පහ ශාඛාවේ උප සභාපති වෛද්‍ය ප්‍රියන්ත ශිරෝමන් කියා සිටියේය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ කඩිනමින් යළි ශල්‍යාගාර කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් , අවශ්‍ය වායු සමීකරණ පද්ධතිය ඉදිරියේදී ලැබෙන බවත්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

සී.වී. විග්නේෂ්වරන් අභියාචනාධිකරණය හමුවට

Mohamed Dilsad

දිගුකාලීන විදුලි ජනන සැලැස්ම පිළිබඳ මහජන අදහස් ලබා ගැනේ

Mohamed Dilsad

Leave a Comment