ප්‍රමුඛ පුවත 1

පූජිත් සහ හේමසිරි ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේපයි

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට ඇප ලබා දෙමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමට මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඊයේ ප්‍රතික්ෂේප කළේය.

පාස්කු ප්‍රහාර මාලාව පිළිබඳ තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම මගින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීමට ක්‍රියා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර මහත්වරුන්ට එල්ල වී ඇත.

අදාළ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බැවින් එය ප්‍රතික්ෂේප කරනමෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරන බව දැනුම් දුන්නේය.

පෙත්සමට අදාල විරෝධතා තිබේනම් ඒවා අගෝස්තු 30 ට පෙර ඉදිරිපත් කරන ලෙසත් පෙත්සම් විභාගය සැප්තැම්බර් 06 වනදා සිදු කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාස්කු ඉරිදා ප්‍රහාරයේ, ත්‍රිපුද්ගල කමිටු වාර්තාව අද ජනපතිට

Mohamed Dilsad

ආරක්‍ෂක අංශයේ ඉහළ නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානම ගැන රජයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

මන්ත්‍රී පද්ම උදයශාන්ත FCID යයි

Mohamed Dilsad

Leave a Comment