විදෙස්

චීනයේ උපකාරය ඇතිව හෝ නැතිව උතුරු කොරියානු න්‍යෂ්ටික බලපෑමට මුහුණ දෙන බව ඇමෙරිකාව කියයි

(උදයම්,ඇමෙරිකාව) –  චීනයේ උපකාරය ඇතිව හෝ නැතිව, උතුරු කොරියාවෙන් එල්ල වන න්‍යෂ්ටික තර්ජනය “විසඳීම” සිදුවනු ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු මේ බව පවාස ඇත්තේ එක්සත් රාජධානියේ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

චීනය ඊට විසඳුමක් ලබා නොදෙන්නේ නම් ඇමෙරිකාව ඊට විසදුම් සොයන බව ජනාධිපති ටුම්ප් පවසා තිබේ.

ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉදිරි දිනවල චීන ජනාධිපති සී ජින්පින් මුණ ගැසීමට සුදානම් සිටී.

කෙසේවෙතත් ජනාධිපති ට්‍රම්ප් පෙන්වා දෙන්නේ චීනයට මේ සම්බන්ධයෙන් උතුරු කොරියාවට දැඩි බලපෑමක් එල්ල කල හැකි බවය.

නමුත් එය එසේ නොවුනද කිසිදි ප්‍රශ්නයක් නොමැති බව ඇමෙරිකානු ජනාධිපතිවරයා  ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත සමඟ පවසා තිබේ.

 

 

Related posts

ගාසා ගැටුම ලන්ඩන් නුවරටත් යයි

Mohamed Dilsad

ෆීජි දිවයිනේ අවසන් කොරෝනා ආසාදිතයා පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

ජපානයේ තල්මසුන්ට නරක කාලයක්

Mohamed Dilsad

Leave a Comment