ක්‍රීඩා

ලසිත් මාලිංගගේ එක්දින තරඟ දිවියේ අවසාන එක් දින තරගය අද

(UTV| කොළඹ) – සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරඟය අද (26) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පස්වරු 2.30 ට  පැවැත්වීමට නියමිතයි.

අද තරඟය සුවිශේෂී වන්නේ විශිෂ්ඨතම වේග පන්දු යවන ලසිත් මාලිංගගේ එක්දින තරඟ දිවියේ අවසාන එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වීමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දොරටු දහවල් 12. 30 සිට විවෘතව පවතින බවයි .

මේ දක්වා ලසිත් මාලිංග ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති එක් දින තරග සංඛ්‍යාව 225 ක් වන අතර එහිදී කඩුලු 335 ක් බිඳහෙලා තිඛෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම එක් දින කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නන් අතර මාලිංගට හිමි වන්නේ තුන් වන ස්ථානයයි.

මුත්තයියා මුරලිදරන් එහි පළමුවැනියා ලෙසත් චමින්ද වාස් දෙවැනියා ලෙසත් වාර්තා අතර රැඳී සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා මිකී ආතර් කණ්ඩායමක් තෝරාගනී

Mohamed Dilsad

ක්‍රීඩක දීමනා කප්පාදු නොකරන බව පාකිස්ථාන ක්‍රිකට් ප්‍රධානියාගෙන් සහතිකයක්

Mohamed Dilsad

2019 ICC ක්‍රිකට් ලෝක කුසලානයට මැතිව්ස් අවශ්‍යමයි – සංගක්කාර

Mohamed Dilsad

Leave a Comment