Trending News

විමල් උපවාසය අත්හරී

(උදයම්,කොළඹ)  –  ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් පවත්වාගෙන හා උපවාසය අත්හැරීමට තීරණය කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රකාශකයෙකු පැවසීය.
විමල් වීරවංශ මහතාගේ සැප දුක් බැලීමට කෝට්ටේ අනුනායක ගොඩපිටියේ රාහුල හිමි, උදිත හිමි, සුමනජෝති හිමි ඇතුළු හිමිවරුන් පිරිසක් කොළඹ ජාතික රෝහලට වැඩම කර ඇත.
මෙහිදී උපවාසය අත්හරින ලෙස මහා සංඝරත්නය විසින් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලීම් කරන ලැබුහ.
එම ඉල්ලීමට ගරු කරමින් කිරි වීදුරුවක් පානය කොට මන්ත්‍රීවරයා උපවාසය අත්හළ බව වාර්තාවේ.
රජයේ වාහන අවභාවිතා කළ බවට චෝදනා එල්ලවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලැබීමෙන් පසු ඇප ඉල්ලා අයදුම් කළද ඇප නොලැබීම හේතුවෙන් පසුගිය 22 දා ආහාර වර්ජනය කරමින් මන්ත්‍රීවරයා බන්ධනාගාරය තුළදී උපවාසයක් ආරම්භ කරන ලදී.

Related posts

බෙරලපනාතර සමූප ඡන්දයෙන් මාලිමාව ට අන්ත පරාජයක් ; ආණ්ඩුවේ ඇමතිවරුත් කැන්වසින් ගිහින්

Editor O

ஜனாதிபதி தேர்தலை எதிர்கொள்வதற்கு ஐக்கிய தேசியக் கட்சி தயார் – ஹிருணிகா

Mohamed Dilsad

Seamers help Pakistan women complete T20I whitewash

Mohamed Dilsad

Leave a Comment