ප්‍රමුඛ පුවත 1

මුස්ලිම් කොංග්‍රසය අද අගමැති සමඟ සාකච්ඡාවක

(UTV| කොළඹ) –  මුස්ලිම් කොංග‍්‍රසයේ මන්තී‍්‍රවරුන් අද (22) අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවීමට සුදානමින් සිටියි.

ඒ යළි අමාත්‍යධූර භාර නොගැනීමට ගත තීරණය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමටයි.

ඊයේ (21) රැස්වූ මුස්ලිම් කොංග‍්‍රසයේ උත්තරීතර මණ්ඩලය යළි අමාත්‍යධූර භාර නොගෙන ආණ්ඩුවට කොන්දේසි මාලාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු නැගෙනහිර පළාතේ මුස්ලිම් වැසියන් මුහුණ දෙන ගැටලු ඇතුළු කරුණු කිහිපයක් සඳහා විසඳුම් ලබා ගැනීමටය.

ඒ අනුව එම කොන්දේසි මාලාව සම්බන්ධයෙන් අද දිනයේ අග‍්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට තීරණය කර ඇති බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එච්. එම්. එම්. හාරිස් නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළා. අග‍්‍රාමාත්‍යවරයා හමුවීමට පෙර අමාත්‍යධූර අත්හල සෙසු මුස්ලිම් මන්තී‍්‍රවරුන් සමග ද සාකච්ඡා කරන බවයි ඔහු ප‍්‍රකාශ කළේ.

Related posts

ඇමති රාජිත ක්ෂය රෝගය තුරන් කිරිමේ ජගත් සමුළුවට යයි

Mohamed Dilsad

අභාවප්‍රාප්ත වූ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහය හෙට පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන නැවතත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment