ප්‍රමුඛ පුවත 1

නව කර්මාන්තශාලා සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රය අනිවාර්යයි

(UTV| කොළඹ) – නව කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමේදි කර්මාන්තකරුවන් විසින් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් අනිවාර්යයෙන් ලබා ගත යුතු බව රජය පවසයි.

මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ පරිසර දුෂණය වැළැක්වීම හා පාලනය කිරීම, පරිසරයට මුදා හරිනු ලබන ද්‍රව්‍ය මඟින් පරිසර දුෂණ පාලනය අවම කිරීම සහ පරිසර දුෂණය අවම කිරීමේ තාක්ෂණික ක්‍රමෝපායන් හඳුන්වාදීම මෙහි අරමුණු වන බවයි.

මෙම පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීමකින් තොරව කිසිඳු අයෙකුට කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යාම නීති විරෝධී වන අතර ඊට ඕනෑම අවස්ථාවක නීතිමය පියවර අගත හැකි බව මධ්‍යම පරිසර අධිකාරීය සඳහන් කරයි.

ඒ අනුව ඕනෑම කර්මාන්තශාලා හිමිකරුවෙකුට පරිසර ආරක්ෂණ බලපත්‍රය මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලය පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල වෙතින් ලබා ගත හැක.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අනවසරයෙන් මැණික් ගැරූ 7 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ගාල්ලේ බාලිකා විදුහලක විදුහල්පතිනියක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

Mohamed Dilsad

සර්ව පාක්ෂික සමුළුව අද ජනපතිගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment