ප්‍රමුඛ පුවත 1

ජගත් සංවිධාන නියෝජිතයෙක් හෙට දිවයිනට

(UTV| කොළඹ) – සාමකාමී රැස්වීම සඳහා වන නිදහස පිළිබඳ ජගත් සංවිධාන නියෝජිත ක්ලෙමන්ට් යලෙට්සොසි මහතා දින 09 ක නිල සංචාරයක් සඳහා හෙට (18) දිනයේදී දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

මෙහිදී උතුරු , දකුණු සහ නැගෙනහිර පළාත්වල සංචාරය කිරීමටත් , රජයේ සිවිල් සංවිධානවල සහ වෘත්තීය සමිති නියෝජිතයන් මුණගැසීමටත් ජගත් සංවිධාන නියෝජිතයා සූදානමින් සිටියි.

ස්වාධීන ආයතන බලාත්මක කිරීම හා සත්‍ය සහ ප්‍රතිසන්ධානය හරහා ශ්‍රී ලංකාව මේ වනවිට සාර්ථක පියවර රැසක් ගෙන ඇති බවත් යලෙට්සොසි මහතා පවසයි.

ශ්‍රී ලංකා සංචාරය අළලා සකස් කල පූර්ණ වාර්තාවක් ලබන වසරේ ජූනි මාසයේදී පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමටත් ඔහු සූදානමින් පසුවන බව වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පිපිරීම් වලට සම්බන්ධ බවට සැක පිට තවත් 18ක් අත්අඩංගුවට

Mohamed Dilsad

සැබෑ ලෙසම රට ආරක්ෂා කිරීමට හැකි කවුද ඇමති මංගල කියයි [VIDEO]

Mohamed Dilsad

පුර්ණ වඳ භාවය ඇති කළ හැකි පෙත්තක් මෙතෙක් සොයා ගෙන නෑ – වෛද්‍ය වෘත්තිකයින් පවසයි

Mohamed Dilsad

Leave a Comment