ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය භාවිත කරමින් ෆේස්බුක් සාදයක් පවත්වන්නට ගිය පිරිසක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – වැලිගම මුහුදු තීරයේදී විෂ මත්ද්‍රව්‍ය භාවිත කරමින් ෆේස්බුක් සාදයක් පැවැත්වීමට සූදානම්වූ කණ්ඩායමක 12 දෙනෙකු පොලිසිය විසින් ඊයේ (13) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මාතර කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර ඇති අතර වයස අවුරුදු 20ත් 25ත් අතර වයසේ පසුවන මෙම පිරිස අතර තරුණියන් 3 දෙනෙකුද වනවා.

මාතර කොට්ඨාශය භාර උසස් පොලිස් නිළධාරියෙකු පැවසුවේ මෙම සැකකරුවන් බෝට්ටුවකින් ගොස් මුහුද මධ්‍යයේ සාදය පැවැත්වීමට සූදානම් කර තිබූ බවත් අයිස් නැමති මත්ද්‍රව්‍ය ඇතුලු විෂ මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් මොවුන් සතුව තිබී සොයාගත් බවත්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස අද (14) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති යළිත් දිවයිනට

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

ඉන්ධන මිල පහළ යාමත් සමඟ බස් ගාස්තු අඩු වෙයිද?

Mohamed Dilsad

Leave a Comment