ප්‍රමුඛ පුවත 1

නාවික හමුදාපතිවරයාට සේවා දිගුවක්

 

(UTV- කොළඹ) – නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාට වසරක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපති මෛත‍්‍රීපාල මෛත‍්‍රීපාල සිරිසේන තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියයි.

ඒ අනුව හෙට (14) සිට ක‍්‍රියාත්මක වන පරිදි මෙම සේවා දිගුව ලබා දී ඇති බව පැවසේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රියර් අද්මිරාල් පියල් ද සිල්වා වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව, 2019 ජනවාරි 01 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත් කිරිමට කටයුතු කෙරුණි.

රියර් අද්මිරාල් පියල් ද සිල්වා අම්බලන්ගොඩ, ධර්මාශෝක විද්‍යාලයේ දීප්තිමත් ආදී ශිෂ්‍යයෙක් වන අතර, 1984 වර්ෂයේදී 12 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී ඇත.

මූලික පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව 1986 වර්ෂයේ පෙබරවාරි මස 11 වන දින එතුමා උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්ව තිබේ.

Related posts

කුමාර වෙල්ගම සහ චමල් රාජපක්ෂ නාම යෝජනා භාරනොදෙයි

Mohamed Dilsad

ප්‍රමිතියෙන් තොර පාසල් ආපන ශාලාවලට එරෙහිව දැඩි පියවර – අධ්‍යාපන අමාත්‍යාංශය(වීඩියෝ)

Mohamed Dilsad

ඔරුවල වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ හසිත මරුට

Mohamed Dilsad

Leave a Comment