ප්‍රමුඛ පුවත 1

මීගමුව මහ නගර සභාවේ විපක්ෂ නායක සැකපිට අත්අඩංගුවට

(UTV | කොළඹ) –  මීගමුව ආසනයේ එක්සත් ජාතික පක්ෂ හිටපු සංවිධායක සහ මීගමුව මහ නගර සභාවේ විපක්ෂ නායක රොයිස් විජිත ප්‍රනාන්දු කටාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මීගමුව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

චීන ජාතික කාන්තාවකට අයත් නිවසකට ඇතුළු වී පුද්ගලයෙකුට පහර දී දේපළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට සම්බන්ධව ඔහුව අත්අඩංගුවට ගත් බව ෙපාලිසිය පවසයි.

සිද්ධියට අදාළව මීට පෙර සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකරුව  හෙට (08) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

අහංගම නගරයේ වෙළඳසැල් දෙකක ගින්නක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

UNP පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අදයි

Mohamed Dilsad

Leave a Comment