විදෙස්

ඔබාමා සත්කාරයට එරෙහි යෝජනාව කොංග්‍රස් මණ්ඩලයෙන් ඉවතට

(උදයම්,ඇමෙරිකාව) – ඔබාමා කෙයා හෙවත් ඔබාමා සත්කාරය නතර කිරීම සඳහා වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ආ යෝජනාව ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයෙන් ඉවත් කර ගනී.

සිය පාලන කාලය ආරම්භයේදීම මෙලෙස පොරොන්දු වූ පනතක් සම්මත කර ගැනීමට නොහැකිවීම ජනපති ට්‍රම්ප් ලැබූ බලවත් පරාජයක් ලෙස විදෙස් මාධ්‍ය හදුන්වා තිබේ.

ජනපති ට්‍රම්ප්ගේ නව ඇමරිකානු සෞඛ්‍ය ප්‍රතිපත්ති පනත් කෙටුම්පත පිළිබද ඡන්ද විමසීම පැවැත්වීමට ඊයේ දිනයේදී නියමිතව තිබුණි.

නමුත් එය සම්මත කර ගැනීමට අවශ්‍ය වූ අවම ඡුන්ද සංඛ්‍යාව වන මහජන නියෝජිතයන් 215 දෙනෙකුගේ සහාය ඊට නොලැබීම හේතුවෙන් කෙටුම්පත ඡන්ද විමසීමට ඉදිරිපත් නොකරම ඉවත් කර ගැනීමට සිදුවිය.

ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ මෙන්ම සෙනෙට් මණ්ඩලයේ බලය රිපබ්ලිකන් පක්ෂයට හිමිව තිබුණද ජනපති ට්‍රම්ප්ගේ නව සෞඛ්‍ය පනතට ඇතැම් රිපබ්ලිකන් පාක්ෂික මහජන නියෝජිතයන් විරෝධය දක්වා තිබේ.

එය ජනතා සහන කපා හැරීමක් ලෙස,ඇතැමුන් හඳුන්වන අතර තවත් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රමාණවත් අන්දමින් ඔබාමාගේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය සංශෝධනය කර නොමැති බවයි.

හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ, ඔබාමා සත්කාරය අවසන් කිරීම ජනපති ට්‍රම්ප්ගේ මැතිවරණ පොරොන්දුවක් විය.

Related posts

ඉන්දියාවේ කොරෝනා මරණ 50,000 ඉක්මවයි

Mohamed Dilsad

ඉන්දියාවෙන් හමුවූ කොරෝනා නව ප්‍රභේද සීඝ්‍රයෙන් පැතිරෙන බව හෙළිවෙයි

Mohamed Dilsad

නව මහලේකම් ප්‍රථමවරට අද ජගත් ආරක්ෂක මණ්ඩලය ඇමතීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment