ප්‍රමුඛ පුවත 1

වර්ජනය නිසා කාර්යාල දුම්රිය කිසිවක් ධාවනය වී නෑ

(UTV| කොළඹ) – දුම්රිය වර්ජනය හේතුවෙන් අද (04) පෙරවරුවේ කිසිදු කාර්යාල දුම්රියක් ධාවනය නොවූ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඊයේ(04) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක වන බව හදිසි මාධ්‍ය හමුවක් පවත්වමින් දුම්රිය වෘත්තිය සමිති පැවසීය.

ඔවුන් සඳහන් කලේ බීමත් සේවකයෙකුට විනය පියවර නොගත් බවට චෝදනා කරමින් වෘත්තිය සමිති මෙම තීරණය ගෙන ඇති බවයි.

වැඩ තහනමට ලක් කර ඇති අදාල සේවකයා යලි රාජකාරි කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට බලපෑම් කර ඇති බව මෙම දුම්රිය වෘත්තිය සමිති පෙන්වා දෙයි.

කෙසේ වෙතත් දුම්රිය වර්ජනය නිසා දිනපතා රාජකාරී සඳහා කොළඹට පැමිණෙන දුම්රිය මගීන් දැඩි දුෂ්කරතාවයකට පත්වූ බව අප වාර්තාකරුවන් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2020 උපාධිධාරීන් පනස් හතර දහසකට රැකියා [VIDEO]

Mohamed Dilsad

අත්අඩංගුවටපත් ඉන්දීය ධීවරයින් 20 නිදහස් කිරීමට අනුමැතිය

Mohamed Dilsad

පොලිස් කොමිසමේ සභාපති ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

Leave a Comment