ප්‍රමුඛ පුවත 1

මරණ දඬුවමට එරෙහි අභියාචනාධිකරණ පෙත්සම යළි සළකා බැලීම හෙටට කල් යයි

(UTV| කොළඹ) – ජනාධිපතිවරයා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තිරණය වළක්වන ලෙස ඉල්ලා ගොනුකොට ඇති  රිට් ආඥා පෙත්සම හෙට උදෑසන 9.30 ට යළි සළකා බැලීමට නියමිතයි.

ඒ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේය.

මේ සඳහා අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කොදාගොඩ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පත්කර ඇති මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වන්නේ දීපාලි විජේසුන්දර, ජනක් ද සිල්වා, අචල වෙන්ගප්පුලි හා අර්ජුණ ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරුවරුන්ය.

මරණ දඬුවමට නියම වී ඇති සිරකරුවන් එල්ලා මැරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම රිට් ආඥා පෙත්සම අභියාචනාධිකරණයට ගොනු කරනු ලැබුවේ මාධ්‍යවේදී මාලින්ද සෙනවිරත්න මහතා විසිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි

Mohamed Dilsad

අභාවප්‍රාප්ත රොනී ලීච් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පස්වරුවේ

Mohamed Dilsad

රූමි මොහොමඩ් 6 දක්වා රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment