ප්‍රමුඛ පුවත 1

අභාවප්‍රාප්ත රොනී ලීච් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පස්වරුවේ

(UTV| කොළඹ) – අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(11) පස්වරුවේ සිදුකිරීමට නියමිතය.

පසුවරුවේ පැවැත්වෙන දේව මෙහෙයෙන් අනතුරුව ගල්කිස්ස පොදු සුසාන භූමියේදී ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බව වාර්තාවේ.

පසුගිය පළමුවන දින ඔස්ට්රේ ලියාවේ පර්ත් නුවරදී හදීසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් රොනී ලීච් මහතා අභාවප්‍රාප්ත විය.

මියයන විට ඔහු 65 වන වියේ පසුවිය.

රොනී ලීච් මහතාගේ දේහය ඊයේ(10) දහවල් දිවයිනට රැගෙන ආ අතර මේ වන විට දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.

ඒ අනුව අද පස්වරු 2ට අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අතුරුදන්වූ පුද්ගලයෙකුගේ හිසක් මනම්පිටියෙන් හමුවෙයි

Mohamed Dilsad

පක්‍ෂ නායකත්වය දුර්වල වුවහොත් රටත් එම පක්‍ෂයත් විනාශයි [VIDEO]

Mohamed Dilsad

2018 වර්ෂයේ තෙවන පාසල් වාරය ලබන සිකුරාදා අවසන්

Mohamed Dilsad

Leave a Comment