ප්‍රමුඛ පුවත 1

මරණ දණ්ඩනය පිලිබඳ අග්‍රාමාත්‍යවරයා තානාපතිවරුන් හමුවී කරුණු දක්වයි.

(UTV| කොළඹ) – මරණ දණ්ඩනය නැවත සක්‍රීය කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන් හමුවී ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදුකර ඇත.

ජනාධිපතිවරයාගේ තීරණයට තමන් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය විරුද්ධ බවත් , මරණ දඩුවමට අදාළ නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

මරණ දඩුවම නැවත සක්‍රීය කිරීමට තීරණය කිරීමට පෙර ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් ඒ පිළිබඳ කිසිදු අදහස් විමසීමක් සිදු නොකල බවද අග්‍රාමාත්‍යවරයා එහිදී තානාපතිවරුන් හට දැනුම්දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සමුළුවට සහභාගී වන දූත පිරිස ඇමති රිෂාඩ් හමුවෙයි

Mohamed Dilsad

මෙරට තවත් කොරෝනා මරණයක් වාර්තා වෙයි

Mohamed Dilsad

මධ්‍යම පළාතේ සියලුම සුරාසල් වැසේ.

Mohamed Dilsad

Leave a Comment