ප්‍රමුඛ පුවත 1

බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය සන්නිවේදන මධ්‍යස්ථානය ගැන වැඩිදුර පරීක්‍ෂණ ඇරඹේ

(UTV|කොළඹ) – බලපත්‍ර නොමැතිව සන්නිවේදන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් සැකපිට පිලිපීන ජාතික කාන්තාවක් හා ඇයගේ ශ්‍රී ලාංකීක සැමියා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මෙලෙස ඊයේ අත්අඩංගුවට ගැනුණේ වයස අවුරුදු 36 ක් වු සමීර ඉන්ද්‍ර කුමාර නැමති කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් හා ඔහුගේ බිරිඳ වන වයස අවුරුදු 36 ක් වු අම්රුම් සන්තෝසා යන කාන්තාවකි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ(26) උදෑසන 11.30 පමණ මුල්ලේරියාව පොලිස් වසමේ ගල්හේන පාර ප්‍රදේශයේ වැටලීමක් සිදු කර තිබේ.

එහිදී සැකකරුවන්ගෙන් සිදුකල ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය කර ගත් තොරතුරු මත නවගමුව පොලිස් වසමේ අංක 560/2, හොරපොත, කඩුවෙල යන ලිපිනයේ පවත්වා ගෙන ගිය බලපත්‍ර නොමැති සන්නිවේදන මධ්‍යස්ථානයක් වටලා තවත් සැකකරුවන් සමඟ භාණ්ඩ කීපයක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරුගේ රියදුරුවරයා වන සමන් කුමාර නැමැත්තා ද අත්අඩංගුවට පත්විය.

සිම් කාඩ් 1764 ක්, ජංගම දුරකථන 30 ක්, සිම් බොක්ස් 12 ක්, ලැප් ටොප් 01 ක්, යතුරු පුවරු 07 ක් , යූ.පී.එස්.07 ක්, මවුස් 03, නෙට් වර්ක් හට් 08 ක් හා රවුටර් 07 ක් මෙහිදී පොලිසිය භාරයට ගැනුණි.

මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වයඹ සරසවියේ පහරදීමට සම්බන්ධ 13ක් අත්අඩංගුවේ

Mohamed Dilsad

හිටපු ජනපති ඉන්දියාවට

Mohamed Dilsad

කොත්මලේ ස්වයංක්‍රීය වාන් දොරටු ඇරේ

Mohamed Dilsad

Leave a Comment