ප්‍රමුඛ පුවත 1

දුම්රිය ධාවනය නොවීමෙන් මගීන් දැඩි අපහසුතාවයක

(UTV| කොළඹ) – දුම්රිට සේවක වර්ජනය නිසා අද උදෑසන දුම්රිය වාර 10ක් පමණ ධාවනය වූ බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.

මේ නිසා අද පෙරවරුවේ දුම්රිය ස්ථාන වල බොහෝ මගීන් බොහෝ වෙලා රැදී සිටිනු දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් පවසයි.

දුම්රිය ධාවනය නොවීම නිසා රජයේ කාර්යාල සේවකයින් අද දින සේවයට වාර්තා කර නොමැති බවද වාර්තා වෙයි.

එසේම බස් රථ වල මගී තදබදයක් පවතින බවද වාර්තාවේ.

ඊයේ (20) මධ්‍යම රාත්‍රී 12 සිට සිට පැය 48ක කාලයක් දුම්රිය වර්ජනයක් සිදු කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කළේය.

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් සඳහා  දුම්රිය වෘත්තිය සමිති දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින් හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතර ඊයේ පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙලෙස දින දෙකක කාලයක් දුම්රිය වර්ජනය කිරීමට දුම්රිය වෘත්තිය සමිති තීරණයකට කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

සමස්ත ලංකා පෞද්ගලික බහාලුම් ප්‍රවාහන සේවක සංගමය වර්ජනයක

Mohamed Dilsad

පාර්ලිමේන්තුව අද පස්වරුවේ රැස්වේ

Mohamed Dilsad

නව අධ්‍යාපන ප්‍රතිපත්ති අනුව චක්‍රලේඛයක් – අධ්‍යාපන ඇමති

Mohamed Dilsad

Leave a Comment