ප්‍රමුඛ පුවත 1

ධුර වලින් ඉවත්වූ අමාත්‍යවරුන්ට පාර්ලිමේන්තුවේ පසු පෙළ අසුන් පැනවේ

(UTV| කොළඹ)  –  අමාත්‍ය ධුර වලින් ඉවත් වු මුස්ලිම් මන්ත්‍රීවරුන් සඳහා හෙට(18) දිනයේදී පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන් පනවන බව පාර්මේන්තු වේත්‍රධාරීතුමා පවසයි.

වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහා පැවසුවේ පක්ෂ නායක රැස්වීමේදි ගත් තීරණයකට අනුව මන්ත්‍රීවරුන් තිදෙනෙකුට පමණක් සුපුරුදු පරිදි ඉදිරි පෙළ අසුන් පනවන බවයි.

මේ අනුව හිටපු අමාත්‍යවරුන් වන එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂිම්, ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන කොංග්‍රස් නායක රිෂාද් බදියුදීන් යන මහත්වරුන්ට ඉදිරි පෙළ අසුන් පැනවීමට තීරණය කර තිබේ.

අනෙක් මන්ත්‍රිවරුන්ට ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය මත පසුපෙළ ආසන හිමිවනු ඇති.

පැවති අර්බුද කාරී තත්වය පාලනය කිරීමට සියළු මුස්ලිම් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් එම ධුරවලින් ඉවත් වීමට පසුගියදා පියවර ගත්තේය.

ඔවුන්ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය මේ වනවිට  පාර්ලිමේන්තුව වෙත ලැබී ඇති බවද වේත්‍රධාරීවරයා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශිෂ්‍යත්වය සමතුන්ට ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව දෙගුණයකින් ඉහළට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ලැබුණු අළුත්ම සාමාජිකත්වය

Mohamed Dilsad

රටට ගැලපෙන විදේශ වෙළඳ බදු ප්‍රතිපත්තියක අවශ්‍යතාවය ජාතික ආර්ථික සභාව පෙන්වා දෙයි

Mohamed Dilsad

Leave a Comment