ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපතිවරයා කැඳවයි

 

(UTV|කොළඹ) – ලබන අඟහරුවාදා (18) පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පැවැත්වෙන අතර, එදින කාරක සභාව හමුවට කාත්තන්කුඩි පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයාත්, හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා මෙන්ම මුස්ලිම් සූෆි නම් නිකායේ නියෝජිතයකුත් සාක්කි ලබාගැනීමට කැඳවා ඇති බව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.

ඒ අනුව පාර්ලිමේන්තු කාරක සභාව නොකඩවා අදාළ කාලය තුළ ක්‍රියාත්මක කෙරෙන බවත්, කිසිදු හේතුවක් නිසා හෝ එය අවලංගු නොකරණ බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

මේ වන විටත් ඉදිරියේදි කාරක සභාව හමුවට කැදවීම් අපේක්ෂා කරන අයගේ නාම ලේඛනයක් පවා සකස් කර ඇති බවද සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති හා බංග්ලාදේශ විදේශ ඇමති අතර හමුවක්

Mohamed Dilsad

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුගේ රියදුරු අත්අඩංගුවට

Mohamed Dilsad

චීන ජනාධිපති ෂී – ජින්පින්ගෙන් නව ජනපතිට සුභාශිංසන

Mohamed Dilsad

Leave a Comment