ප්‍රමුඛ පුවත 1

අල්ලස් ලබා ගත් පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

(උදයම්,මීගමුව)  –  මැටි ප්‍රවාහනය කරන ලොරි රථයකින් රුපියල් 100 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් බව කියන පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් සහායකවරයෙකු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනී.

අද(21) දංකොටුව – පන්නල මාර්ගයේ පිහිටි සිංගක්කුලිය පොලිස් මාර්ග බාධකයේදී ඔවුන් අත්අඩංගුවට පත්ව ඇත.

සාමාන්‍යයෙන් උළු ප්‍රවාහනය කරන ලොරි රථවලින් මෙම මාර්ග බාධකයේ සේවය කරන පොලිස් නිලධාරීන් රුපියල් 100 ක අල්ලස්  ලබා ගැනීම සිරිතක්ව පවතින බව ලොරි රථ රියදුරෝ පවසති.

Related posts

හෙට ලංකාවට හිරු සෘජුව මුදුන් වෙයි.

Mohamed Dilsad

ඉන්දීය අගමැති අද දිවයිනට

Mohamed Dilsad

අපේ දේ රැක ගනිමින් ඊට වටිනාකමක් ලබාදිය යුතුයි – ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment