Trending News

රණකාමීන්ගේ පා ගමන අද නිදහස් චතුරස‍්‍රය අසළින් අවසන් වෙයි

 

(UTV | කොළඹ)  – යුද හමුදා ගුවන් සංක්‍රමික බලසේනාව අරඹා වසර 25 ක් සපිරීම හා මානුෂීය මෙහෙයුම නිම කර වසර 10ක් සපිරීම නිමිත්තෙන් පසුගිය මැයි 29 වනදා මැදවච්චියෙන් ආරම්භ කළ පා ගමන අද (08) පෙරවරුවේ අවසන් විය.

මෙම පා ගමන මිහින්තලය, හබරණ, නාවුල, මහනුවර, කෑගල්ල සහ නිට්ටඹුව යන නගර පසු කරමින් කොළඹ නිදහස් චතුරස‍්‍රය වෙත පැමිණියේය.

රණකාමීන්ගේ පා ගමන යනුවෙන් නම් කර ඇති මෙම පා ගමනේ සමාප්ති උත්සවය සඳහා යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ද එක්ව සිටියේය.

ශ්‍රී ලංකා යුද හමුදා ගුවන් සංග‍්‍රාමික බලසේනාවට අයත් නිලධාරීන් 31 දෙනෙකු සහ සෙසු නිලයන් 600 ක් පා ගමනේ ආරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

අධ්‍යාපනය විනාස කරන, හරිනි අමරසූරිය ට එරෙහි විරෝධතාවයට මතුගමට ජන ගඟක් |

Editor O

பெண்களுக்கு எதிரான வன்முறை மோசமான செயல்

Mohamed Dilsad

சுவையான சேமியா உப்புமா செய்வது எப்படி?

Mohamed Dilsad

Leave a Comment