ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් ජනපතිට සංදේශයක්

(UTV| කොළඹ)  – ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලා සිටිමින්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම විශේෂ සංදේශයක් ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.

ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ විරෝධී පිරිස සමඟ පුළුල් ප‍්‍රගතිශීලි සන්ධානයකට එළැඹීමටත්, එම සන්ධානය බිහි කිරීමෙහිලා නායකත්වය ගන්නා ලෙසත් එම සංදේශය මඟින් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා තිබේ.

අද (06) දහවල් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ප‍්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර, මහින්ද සමරසිංහ, සරත් අමුණුගම, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාෆා, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක, දුෂ්මන්ත මිත‍්‍රපාල, ශ‍්‍රීයානි විජේවික‍්‍රම, මොහාන් ලාල් ගේ‍්‍රරු, ශාන්ත බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු මන්තී‍්‍ර කණ්ඩායම එම සංදේශය ජනාධිපතිතුමා වෙත භාර දෙන ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද සහ ලබන අඟහරුවාදා ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට වැසිබර කාලගුණයක්

Mohamed Dilsad

මස් පිණිස ගවයින් රැගෙන යමින් සිටි සැකකරුවන් 5ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment