ප්‍රමුඛ පුවත 1

ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද යළි රැස්වේ

(UTV| කොළඹ)  – ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (06)තුන්වන දිනයට රැස්වීමට නියමිතය.

ඒ අනුව අද පෙරවරු 11ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ කාරක සභාව රැස්වීමට නියමිතව තිබේ.

ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු අද කාරක සභාව හමුවේ කරුණු දක්වනු ඇත.

පසුගිය 29 වනදා මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පළමුවරට රැස්වූ අතර එහිදී ආරක්ෂක ලේකම්වරයා සහ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීයා සාක්ෂි ලබා දුන්නේය.

අනතුරුව පසුගිය 04 වනදා දෙවන දිනයට රැස්වූ එම කාරක සභාව හමුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් සිව් දෙනෙකුට පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණද කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදුන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පමණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේ මූල්‍ය ගනුදෙනු රැසක් අනාවරණය වෙයි

Mohamed Dilsad

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

ස්විස් තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක්

Mohamed Dilsad

Leave a Comment