ප්‍රමුඛ පුවත 1

අපිරිසිදු පානීය ජල බෝතල් අලෙවි කිරීමේ සිද්ධියකට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගන්නැයි නියෝග

(උදයම්,අනුරාධපුරය)  – මහජනතාවට පානයට නුසුදුසු පානීය ජල බෝතල් අලෙවි කිරීමේ සිද්ධියකට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු වහාම අත්අඩංගුවට ගන්න ලෙස තඹුත්තේගම අධිකරණය නියෝග කරයි.

අධිකරණ නියෝගයක් මත මුද්‍රා තබා වසා දමා තිබූ නීති විරෝධි පැණි බීම සහ පානිය ජල බෝතල් ඇසිරිමේ ගබඩාවක් බලහත්කාරයෙන් කඩා විවෘත කර එම ගබඩාව තුළ තිබු පානයට නුසුදුසු ජලය බෝතල් අලෙවි කර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ව්‍යාපාරිකයකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන  ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා එප්පාවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අධිකාරි මහතාට නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශණ මෙහෙයවා එම විමර්ශණ වල ප‍්‍රගතිය දැක්වෙන  වාර්තාවක් මේ මස 24 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ටද මහේස්ත‍්‍රාත්වරයා තවදුරටත් නියෝග කර තිබේ.

 

Related posts

එළඹෙන 15 වැනිදා දිවයිනේ සියළුම පාසල් නිවාඩු [VIDEO]

Mohamed Dilsad

අමරදේව ශූරීන් අනුස්මරණය වෙනුවෙන් උදා ගම්මාන 25ක්

Mohamed Dilsad

වීසා නොමැතිව මෙරට රැඳී සිටී දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment