ප්‍රමුඛ පුවත 1

රජයේ නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධ නව චක්‍රලේඛය අත්හිටුවයි

 

(UTV – කොළඹ) – රජයේ නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධයෙන් පසුගිය දිනක රාජ්‍ය පරිපාලන හා අපදා කළමනාකරණ අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.

එම චක්‍රලේයෙන් පැන නැගුණ විරෝධය හේතුවෙන් චක්‍රලේඛය අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි පැවසේ.

රජයේ ආයතනවල නිලධාරීන්ට කමිසය සහ කලිසමත්, නිලධාරිනියන්ට සාරිය හෝ ඔසරියත් අඳීම අනිවාර්ය වන අතර කිසිදු නිලධාරියෙක් මුහුණ ආවරණය නොකර අනන්‍යතාවය හඳුනාගත හැකි අයුරින් සිටිය යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් කර තිබිණ.

කෙසේ වෙතත්,තවත් සංශෝධනයක් කර එය නැවත නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා කළ විමසිමකදි සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඥානසාර හිමියන් සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට

Mohamed Dilsad

යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 40 දෙනෙකුට උසස් වීම්

Mohamed Dilsad

සාපරාධී කාරණා පිළිබඳ සංශෝධන කෙටුම්පත අද විවාදයට.

Mohamed Dilsad

Leave a Comment