විදෙස්

වියට්නාමයේ සමාජ ජාල මාධ්‍ය හරහා සිදු කෙරෙන ප්‍රචාරණ කටයුතු නවතී

(උදයම්,වියට්නාමය)  –  යුටියුබ් හා ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය හරහා සිදු කෙරෙන ප්‍රචාරණ කටයුතු නවතා දැමීමට වියට්නාම රජය එරට සියලු සමාගම්වලට නියෝග කරයි.
ඒ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ රාජ්‍ය විරෝධී තොරතුරු පැතිරවීම නතර කරන තුරු බව වියට්නාම බලධාරීහු පවසති.
වියට්නාම රජයට බලපෑමක් වන ආකාරයේ එම තොරතුරු අන්තර්ජාලයෙන් ඉවත් කරන ලෙස ගූගල් සමාගමට දැනුම් දීම සදහා වියට්නාම රජය එරට වෙළෙඳ දැන්වීම්කරුවන්ට බලපෑම් කර තිබේ .

වෙළෙඳ දැන්වීම් ආයතනවලට වියට්නාම රජය දැනුම් දී ඇත්තේ රජයට විරුද්ධව තම මුදල් භාවිත නොකරන ලෙසය.

රටේ  නීති උල්ලංගනය කරමින් රජයට විරුද්ධව ගෙන යන අසත්‍ය ප්‍රචාර ඉවත්කරන ලෙසට ගූගල් හා ෆේස්බුක් ආයතනවලට එරෙහිව පියවර ගන්නා ලෙස  අන්තර්ජාලය භාවිත කරන්නන් වෙත දැනුම් දෙන බව වියට්නාම තොරතුරු හා සන්නිවේදන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

Related posts

ට්‍රම්ප්ගේ පළමු විවාහයේ බිරිඳ ජීවිතක්ෂයට

Mohamed Dilsad

ඇමෙරිකාවේ දිනක සිදුවූ වැඩිම කොරෝනා මරණ ගණන වාර්තා වෙයි

Mohamed Dilsad

ඇමරිකානු ජනපතිවරණ විවාද සටනින් ජෝ බිඩ්න්ට ජය

Mohamed Dilsad

Leave a Comment