ප්‍රමුඛ පුවත 1

අගමැති රනිල්ට එරෙහි රිට් ආඥා පෙත්සම ප්‍රතික්‍ෂේප වෙයි.

(UTV| කොළඹ) – අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අභියෝගයකට ලක් කරමින් ගොනු කර තිබු රිට් ආඥා පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දීමකින් තොරවම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කරනු ලැබී ය.

එම පෙත්සම කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රිණි ශර්මිලා ගෝනවල මහත්මිය විසින් ගොනුකර තිබුණි.

රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය බැංකු 2ක චෙක් පත් මුද්‍රණය කරන සමාගමක කොටස්කරුවෙකු බැවින් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයක් දැරීමට නෛතික බලයක් නොමැති බවට නිගමනය කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශර්මිලා ගෝනවල මහත්මිය විසින් අභියාචනාධිකරණයට එම පෙත්සම ගොනු කර තිබිණ.

පෙත්සම්කාර ශර්මිලා ගෝනවල මහත්මියට වග උත්තරකාර රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එවැනි පෙත්සමක් ගොනු කිරීමට නෛතික බලයක් නොමැති බවත් ,පෙත්සමේ සඳහන් කරුණු ද කිසිදු නෛතික භාවයකින් තොර වන බැවින් එම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා නොදෙන ලෙස ඉල්ලා අනිල් ගුණසිංහ මහතා ගොනු කර තිබූ මූලික විරෝධතාව සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල එම නියෝගය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

CID නිලධාරීන් 704 කට විදේශගත වීම තහනම් කෙරේ

Mohamed Dilsad

වට්ස්අප් සහ මැසෙන්ජර් යළි සක්‍රීයයි

Mohamed Dilsad

දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීම ගැන කමිටු වාර්තාව අද

Mohamed Dilsad

Leave a Comment