ප්‍රමුඛ පුවත 1

යුද හමුදාපතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දෙන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්(AUDIO)

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී අත්අඩංගුවට ගැනුණු පුද්ගලයෙකු සම්බන්ධයෙන් තොරතුරු විමසීමට පමණක් තමන් යුද හමුදාපති ලූතිතන් ජනරාල් මහේෂ් සේනානායකට දුරකතන ඇමතුම් ලබා දුන් බව අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී යුද හමුදාපති ලූතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පැවසුවේ දෙහිවලදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පිළිබඳව අමාත්‍යවරයෙක් තමන්ගෙන් විමසීමක් කල බවයි.

එය බලපෑම් කිරීමක් බවට ඇතැම් මාධ්‍ය හුවා දැක්වුවද මෙය තමන්ගෙන් කල ඉල්ලීමක් ලෙස ප්‍රකාශ කිරීමට කැමති බව මෙහිදී යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා  මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ එම පුද්ගලයා නිදහස් කරන ලෙස යුද හමුදාපතිවරයාගෙන් කිසිදු අවස්තාවක ඉල්ලීම් නොකළ බවයි.

තමන් පළමුවෙන් යුද හමුදාපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දුන්නේ මීගමුවේ මුස්ලිම් දේවස්ථානවල  ආරක්ෂාව සම්බන්ධයෙන් විමසීමට බවයි අමත්‍යවරයා සඳහන් කළේ.

දෙවනුව තමන්ගේ හිතවතෙකු කල විමසීමකට අනුව අත්අඩංගුවේ පසුවන කෙනෙක් පිළිබඳව විමසීමක් කල බව අමාත්‍යවරයා පැවසීය.

තමන් සතුව එම දුරකථන ඇමතුමේ හඬ පට පවා ඇති නිසා තමන්ට එය ඔප්පුකර පෙන්විය හැකි බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවධාරණය කළේය.

මේ අතර යුද හමුදාපතිවරයා මාධ්‍ය හමුවේදී පැවසුවේ ඕනෑම අයෙකුට තමන්ගෙන් ඉල්ලීම් කල හැකි බවයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

තමිල්නාඩු ධිවරයින්ට පහරදුන් බවට වන චෝදනා නාවික හමුදාව ප්‍රතික්‍ෂේප කරයි

Mohamed Dilsad

අරුවක්කාලු වෙත කසල රැගෙන ගිය ටිපර් රථයකට අදත් ප්‍රහාරයක්

Mohamed Dilsad

සැවොයි සිනමාහල අසල තිබු සැක කටයුතු යතුරු පැදියක් පුපුරුවයි.

Mohamed Dilsad

Leave a Comment