ප්‍රමුඛ පුවත 1

සහරාන්ගේ හා දියණියගේ DNA සැසදීමට නියෝගයක්.

(UTV| කොළඹ) – පාස්කු ප්‍රහාරය එල්ල කරමීන් මීය ගියායැයි සැකසහිත ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක ලෙස සැලකෙන මොහොමඩ් සහරාන්ගේ ඩීඑන්ඒ සාම්පල සමඟ ඔහුගේ දියණියගේ ලේ සාම්පල සසදා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි රජයේ රස පරීක්ෂකවරයාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු සොයාගත් සහරාන් හසීම්ගේ යැයි සැකකෙරන එම හිස කොටසේ ඩීඑන්ඒ සාම්පල මෙම පරීක්ෂණය සඳහා යොදා ගැනීමට නියමිතය.

එසේම දෙමටගොඩ ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් පිපිරීමක් සිදුකළ නිවසේ තිබී අත්අඩංගුවට ගත් රත්තරන් බඩු සහ මැණික් සම්බන්ධව ලබාදුන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්තාවට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ලද මැණික් ගල් තුනක වටිනාකම එක්කෝටි විසිපන්ලක්ෂයක් වන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (10) අධිකරණය වෙත දැනුම් දුන්නේය.

ඒවා රාජසන්තක කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් නාවික හමුදා සාමාජිකයින්

Mohamed Dilsad

ලොකු ලූණු ආනයනයට සීමා

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment