ප්‍රමුඛ පුවත 1

චීන රජයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට ජීප් රථ 10 ක්

(UTV| කොළඹ) – චීන රජයේ පරිත්‍යාගයක් අනුව පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් ජීප් රථ 10 ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් භාරදීම ජනාධිපති කාර්යාලයේ දී සිදුකරනු ලැබීය.

ජනාධිපතිවරයා විසින් පොලිස් දෙපාර්තමේන්තුව තමා යටතට පවරා ගැනීමෙන් අනතුරුව මේ වන විට එහි පරිවර්තන රැසක් සිදු කර තිබෙන අතර දිවයින පුරා සියලුම පොලිස් ස්ථාන වෙත ජීප් රථයක් ලබාදීමට ගෙන ඇති පියවර යටතේ ජනාධිපතිතුමාගේ ඉල්ලීම අනුව චීන රජය විසින් මෙම ජීප් රථ ප්‍රදානය සිදු කොට තිබේ.

ඊට අදාළ ලියකියවිලි සහ යතුරු ශ්‍රී ලංකාවේ චීන තානාපති චැන්ග් ක්ෂුයැන් (Chang Xueyuan) මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවේය.

මෙම අවස්ථාව සදහා ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

ජනපතිගෙන් කථානායකවරයාට පිළිතුරු ලිපියක්..

Mohamed Dilsad

Leave a Comment