ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ අතර අද තවත් සාකච්ඡාවක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පිහිටුවීමට නියමිත නව සන්ධානය පිළිබදව තවත්  සාකච්ඡාවක් අද විපක්ෂ නායක කාර්යාලයේදි  පැවැත්වේ.

මීට පෙර අවස්ථා 3කදී ඔවුන් නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැස්වී සාකච්ඡා පැවැත්වීය.

ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසද එක්වුහ.

එමෙන්ම පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරුද එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පිදුරංගල සිද්ධියට අදාළ තරුණයින් නිදහස්

Mohamed Dilsad

අසත්‍ය චෝදනා එල්ල කරන විපක්‍ෂ දේශපාලන නියෝජිතයින් ගැන ජනතාව තීරණයක් ගතයුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කියයි(වීඩියෝ)

Mohamed Dilsad

එම්.සී.සී ගිවිසුම නැවත සමාලෝචනයට

Mohamed Dilsad

Leave a Comment