ප්‍රමුඛ පුවත 1

පිදුරංගල සිද්ධියට අදාළ තරුණයින් නිදහස්

(UTV|දඹුල්ල) – පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තරුණයින් තිදෙනා නිදහස් කිරිමට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.

සිද්ධියේ පළමු විත්තිකරු වූ පාසල් සිසුවාට දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුව නිදහස් කෙරුණු අතර සෙසු විත්තිකරුවන් දෙදෙනාට රුපියල් 1500 බැගින් වූ රජයේ ගාස්තුවක් ගෙවන ලෙස නියෝග කර අවවාද කිරීමෙන් අනතුරුව නිදහස් කෙරුණි.

පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් පසුගිය 26 වැනිදා මොවුන් දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපතිගෙන් පෞද්ගලික ආයතන වලට ඉල්ලීමක්

Mohamed Dilsad

සුඛෝපබෝගී වාහන කොල්ලකෑ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරට මරණ දඩුවම පිලිබඳ කැනඩාවෙත් කණගාටුව

Mohamed Dilsad

Leave a Comment