ප්‍රමුඛ පුවත 1

ජනපතිගෙන් පෞද්ගලික ආයතන වලට ඉල්ලීමක්

(උදයම්,කොළඹ )පෞද්ගලික ව්‍යාපාර සහ ආයතනවල ප‍්‍රචාරණ හා අලංකරණ කටයුතු සඳහා භාවිතා කරනු ලබන විදුලි පහන් නිවා දමමින් විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සියලු පෞද්ගලික ආයතනවලින් ඉල්ලීමක් කරයි.

ඉදිරියේදී මතුවිය හැකි නියං තත්ත්වය සමග විදුලිබල අර්බුදයකට මුහුණදීමට සිදුවන අතර දැන් සිටම විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සියලුදෙනාගේ වගකීමක් බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

රාති‍්‍ර කාලයේ සිය ප‍්‍රචාරණ කටයුතු සඳහා බොහෝ පෞද්ගලික ආයතනවල භාවිතයට ගන්නා දැන්වීම් පුවරු සහ අනෙකුත් අලංකරණ විදුලි පද්ධති සඳහා විදුලිය විශාල වශයෙන් වැයවන අතර එය සීමා කිරීම තුළින් රටේ විදුලි පරිභෝජනයෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක් ඉතිරිකර ගැනීමට හැකියාව ලැබේ.

බැවින් නියං තත්ත්වය පහව යන තුරු විදුලිය අරපිරිමැස්මෙන් භාවිතය පිළිබඳ ගෙන යන වැඩපිළිවෙළට ලබාදෙන සහයෝගයක් වශයෙන් මෙම පියවර ගන්නා ලෙස ද සියලුදෙනාගෙන් ජනාධිපතිතුමා වැඩිදුරටත් ඉල්ලා සිටි.

Related posts

රුසියාවේ නිර්මාණය කරන ලද විශේෂ යන්ත්‍රයක් ජනාධිපතිට පිළිගන්වයි

Mohamed Dilsad

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු වෙනුවෙන් අද ජාතික ශෝක දිනයක්

Mohamed Dilsad

ජනපති පොලිස් ප්‍රධානීන් හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment