ප්‍රමුඛ පුවත 1

අසත්‍ය චෝදනා එල්ල කරන විපක්‍ෂ දේශපාලන නියෝජිතයින් ගැන ජනතාව තීරණයක් ගතයුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කියයි(වීඩියෝ)

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු තමාට විරුද්ධව එල්ල කෙරුණු අසත්‍ය චෝදනා වලට එරෙහිව තමන් විසින් දැමු පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විස්තර ලබාදීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඊයේ (02) පෙරවරුවේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසට පැමිණි අවස්ථාවේ ඔහු මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

සතොස ආයතනය සම්බන්ධයෙන් තමාට එල්ල වූ චෝදනා අසත්‍ය බව පවසමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට පැමිණිල්ලක් කර තිබුණි.

ඔහු ඊයේ එම කොට්ඨාසයට පැමිණියේ පැමිණිලිවලට අදාළ වැඩිදුර තොරතුරු ලබාදීම සඳහායි.

එහිද මාධ්‍ය වේදීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ පිලිතුරු දුන් හිටපු අමාත්‍යවරයා පැවසුවේ “සත්‍යය ජය ගනී” යනුවෙනි.

දේශපාලන උවමනා මත අසත්‍ය චෝදනා එල්ල කරන විපක්‍ෂ දේශපාලන නියෝජිතයින් ගැන ජනතාව තීරණයක් ගතයුතු බවද මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

 

 

Related posts

විශ්වවිද්‍යාලවල අරාජිකත්වය නැතිකර විශ්වවිද්‍යාලවල ගුණාත්මභාවය වැඩි කළ යුතුයි

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

නිල්වළා ගඟේ ජල මට්ටම ඉහළට

Mohamed Dilsad

Leave a Comment