ප්‍රමුඛ පුවත 1

සුරාබදු පනතට අදාළ සංශෝධන වහාම ගැසට් කරන්න -ජනපතිගෙන් උපදෙස්

(UTV| කොළඹ) – සුරාබදු පනතට අදාළ සංශෝධන වහාම ගැසට් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දෙයි.

මත්ද්‍රව්‍ය මර්දනය සහ අපරාධ අවම කිරීම සම්බන්ධයෙන් අද (02) පෙරවරුවේ ජනාධිපති කර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ය.

මත්ද්‍රව්‍ය වැරදි පිළිබඳ නීති දැඩිව කි්‍රයාත්මක කරමින් මතින් නිදහස් රටක් ගොඩනැඟිමේ වැඩපිළිවෙළ ශක්තිමත්ව සහ කඩිනම්ව ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම මෙහි දී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම රට තුළ අපරාධ අවම කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළේ ප්‍රගතිය ද සමාලෝචනයට ලක් කෙරිණි.

විෂ මත්ද්‍රව්‍ය ආඥා පනතට අදාළ සංශෝධන ද කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ෆවුසිව පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපයි

Mohamed Dilsad

රට පුර ඇඳිරි නීතිය සඳුදා සිට ඉවතට

Mohamed Dilsad

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට විදේශ ආයෝජකයින්ගේ සහය

Mohamed Dilsad

Leave a Comment