ප්‍රමුඛ පුවත 1

කුරුඳුවත්තේ පිහි 9ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව ඊයේ (29) රාත්‍රියේ සිදුකළ මෙහෙයුමකදි තහනම් පිහි 9ක්  සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු කුරුදුවත්ත ,ටොරින්ටන් මාවතේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

මිට අමතරව වව්නියාවේ, කනගරායම්කුලම් ප්‍රදේශයේ අවන්හල් භූමියක ඊයේ (29) පස්වරුවේ සිදුකළ තවත් සෝදිසි මෙහෙයුමකදී වළ දමා තිබූ යුද උපකරණ සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත්ව තිබේ.

එහිදී පතොරොම්, බිම් බෝම්බ සහ හිස් පතොරොම් කොපු සොයා ගත් අතර එම අවන්හලේ හිමිකරු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

වයඹට සහ ගම්පහට පැනවූ ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

කොරියානු සහායෙන් කොළඹ විශ්වවිද්‍යාලයට නව හෙද පීඨයක්

Mohamed Dilsad

රාවණ 1 චන්ද්‍රිකාව අද කක්ෂගත කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment