ප්‍රමුඛ පුවත 1

කොරියානු සහායෙන් කොළඹ විශ්වවිද්‍යාලයට නව හෙද පීඨයක්

(UTV|කොළඹ) – ප්‍රථමවරට කොරියානු රජය හා කොරියානු Inje විශ්වවිද්‍යාලයේ සහාය ඇති ව හෙද පීඨයක් කොළඹ විශ්වවිද්‍යාලයේ විවෘත කර ඇත.

මෙම නව පීඨය ආරම්භ කිරීමත් සමග අධ්‍යාපනය පමණක් නොව විවිධ අධ්‍යයනයන් හුවමාරු කරගැනීමට ද අවස්ථාව ලැබෙන අතර ම දෙරටේ සංවර්ධනය සඳහා මෙය පාලමක් කොට ගනිමු යැයි මෙම අවස්ථාවට එක්වෙමින් Inje විශ්වවිද්‍යාලයේ සභාපති ඉන්. ජුන්චා මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ හෙද අධ්‍යාපනය දියුණු කිරීම සඳහා ලබාදෙන සහයෝගය පිළිබඳ ව කොරියානු රජයට සිය ස්තූතිය පුද කළ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා 2013 වසරේ සිට මේ දක්වා ව්‍යාපෘතිය ආරම්භ කොට ඒ පිළිබඳ ව දැක්වූ උනන්දුව අගය කරන බවත් කීය.

ශ්‍රී ලංකාවේ හෙදියන්ගේ ප්‍රමාණය හිඟ බැවින් එය වැඩිකිරීමට අවධානය යොමු කළ අතර කොරියානු රජය හා Inje විශ්වවිද්‍යාලය සහාය ඇතිව එහි ගුණාත්මකභාවය වැඩිදියුණු කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දීය ධීවරයන් 5 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයින් නම් කිරිම අද

Mohamed Dilsad

ලබන වසරේ සිට ව්‍යාපාර ලියාපදිංචි කිරීම online ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment