ප්‍රමුඛ පුවත 1

තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයින් නම් කිරිම අද

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයින් නම් කිරිම අද (21) දිනයේදී සිදු කිරිමට නියමිතය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන ආකාරය මත මෙම නම් ඉදිරිපත් කිරීමට  නියමිතය.

කෙසේ වෙතත් සාමාජිකයින් පත් කිරිම සම්බන්ධයෙන් මේ වන විට අර්බුදකාරි තත්ත්වයක් උද්ගතව ඇත.

ඒ ආණ්ඩුව විසින් තේරීම් කාරක සභාවේ බහුතර නියෝජනයක් ඉල්ලන අතර විපක්‍ෂය පවසන්නේ පාර්ලිමේන්තුව තුළ හෝ බහුතරයක් නොමැති ආණ්ඩුවට තේරීම් කාරක සභාවේ බහුතරයක් දිය නොහැකි බවයි.

කෙසේ වෙතත් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ අදාල නියෝජිතයින්ගේ නම් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත අද (21) ලබාදීමට කටයුතු කරන බවයි.

වත්මන් ආණ්ඩු පක්ෂයට බහුතරය පවතින බැවින් තමන්ට තේරීම් කාරක සභාව සඳහා මන්ත්‍රීවරුන් පත් කිරිමේදී වැඩි අවස්ථාවක් හිමිවන බවද දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගාල්තැන්න දේවාලයකින් රත්‍රන් ගත් සැකකරුවන් අත්අඩංගුවට [VIDEO]

Mohamed Dilsad

බස් ගාස්තු ගැන සංගම් හා කොමිසම අතර සාකච්ඡාවක්..

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Mohamed Dilsad

Leave a Comment