ප්‍රමුඛ පුවත 1

ඉන්දීය ධීවරයන් 5 දෙනෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  – මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවූ  ඉන්දීය ධීවරයන් 5 දෙනෙකු ඔවුන් පැමිණි යාත්‍රාව සමඟ නාවික හමුදාව ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරමට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ මොවුන් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි බව නාවික හමුදාව පවසයි.

උතුරුමැද නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් අදාළ ධීවරයන් පිරිස  අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දීය ධීවරයන් සහ යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාරදී තිබේ.

Related posts

අහංගම නගරයේ වෙළඳසැල් දෙකක ගින්නක්

Mohamed Dilsad

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යළි බන්ධනාගාරයට

Mohamed Dilsad

දිවයිනේ සියළුම සුරාසැල් වැසීමට නියෝග

Mohamed Dilsad

Leave a Comment