ප්‍රමුඛ පුවත 1

සෑම පාසැලකටම ආරක්‍ෂක කමිටුවක්

(UTV| කොළඹ) – සියලු පාසල්වල ආරක්ෂක කමිටු පිහිටුවන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

විශේෂයෙන් පාසැල්වල දෙවන වාරය ආරම්භ වීමට පෙර පාසල් ආශ්‍රිත ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු උපදෙස් නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන්, ආරක්ෂක ලේකම්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහය ඉල්ලා ඇත.

මේ අතර පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා මුද්‍රණය කර ඇති පාසැල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය මැයි 31 දක්වා දීර්ඝ කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

පාසාල් ආරම්භ වන දිනය ලබන 6 වන දා දක්වා කල්යාම හේතුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාතෘ භුමිය ආරක්‍ෂා කරන්න සැවොම එක්විය යුතුයි – ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

සෑම මැතිවරණ කොට්ඨාසයකම පරිසර හිතකාමී නව කර්මාන්ත ඇරඹීමට පහසුකම්

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාස එජාපයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment