ප්‍රමුඛ පුවත 1

මාතෘ භුමිය ආරක්‍ෂා කරන්න සැවොම එක්විය යුතුයි – ඇමති රිෂාඩ් කියයි

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා දින රට පුරා සිදු කල මාරාන්තික ප්‍රහාර වලින් ජිවිත 290 ක් බිලි ගත් ඒ කණ්ඩායම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට  උපරිම සහය ලබා දෙන බව  සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ත්‍රස්තවාදයේ බිහිසුණු අත්දැකීම් විද ඇති අප එවැනි තත්ත්වයක් යළිත් මාතෘ භුමිය තුල ඇති වනු දැකීමට හෝ අකමැති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එම පුද්ගලයින්ට උපරිම දඩුවම් පැමිණවීමට උපරිම සහයෝගය ලබාදෙන බව සමස්ත ලංකා මක්කල් කොංග්‍රස් නායකයා කියා සිටී.

පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ බව පැවසුවේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක වෙමිනි.

අපේ මව් රට ආරක්ෂා කිරීමට කිසිදු ජාති භේදයකින් ආගම් භේදයකින් තොරව එක විය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තුන් මාසික ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන අද සිට

Mohamed Dilsad

ඉන්දියාවේ කොලනියක් මෙරට ඇති කිරීමේ උත්සහය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.තිලකරාජා පහදයි

Mohamed Dilsad

හැටන් – කොළඹ මාර්ගයේ මංතීරුවක් ගිලා බසී

Mohamed Dilsad

Leave a Comment