ප්‍රමුඛ පුවත 1

‘මරාල සුරංග’ අත්අඩංගුවට

(UTV| කොළඹ) – හෙරොයින් නඩුවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින සමන් පුෂ්ප කුමාර නොහොත් ‘මරාල සුරංග’ යන අය අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිකඩ රිමාන්ඩ්  බන්ධනාගාරයේ රඳවා සිටින රැදවියෙකු වෙත සයිනයිට් කුප්පි 2ක් සහ එන්නත් කරන සිලින්ජර 2ක් ලබා දී ඇති බවට ඊයේ (08)ලද තොරතුරක් මත බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විශේෂ පරීක්ෂාවක් සිදු කර තිබේ.

පසුව බන්ධනාගාර බුද්ධි නිලධාරීන් සිදුකල පරීක්ෂාවකදී  සයිනයිට් අඩංගු බවට සැකකරන කුප්පි 2ක් හා සයිනයිට් යම් ප්‍රමාණයකට පිරවු බවට සැකකරන සිලිංජර 2ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බන්ධනාගාරයේ රඳවා සිටින ඔහුට ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක සාමාජිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සඳහා මේවා රැගෙන පැමිණි බවට ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.

අදාළ සයිනයිට් අඩංගු බවට සැකකරන කුප්පි 2 හා සිලින්ජර 2 ක වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලීසිය බාරයට ගෙන තිබේ.

ඒවා රජයේ රස පරීක්ෂක වෙත යැවීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහනුවර පළමු කුඹල් පෙරහර අද වීථි සංචාරය

Mohamed Dilsad

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් වැඩ වර්ජනයක

Mohamed Dilsad

ආපදා අංශ නිළධාරීන් හා මැතිවරණ කොමිසමේ නිළධාරීන් අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment