ප්‍රමුඛ පුවත 1

දකුණු පළාත් සභාවේ නිල කාලය අදින් අවසන්

(UTV| කොළඹ) – දකුණු පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වෙන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

ඒ අනුව එම පළාත් සභාවේ බලය පළාත් ආණ්ඩුකාරවරයා යටතට පැවරෙනු ඇත.

මෙරට පළාත් සභා රැසක කාලය මේ වනවිට අවසන් වී ඇති අතර නැගෙනහිර , උතුරු මැද සහ සබරගමුව පළාත් සභා 2017 වසරේදී අවසන් විය.

වයඹ හා උතුරු පළාත් සභාවේ නිල කාලය අවසන් වූයේ 2018 වසරේ සැප්තැම්බර් මාසයේදීය.

බස්නාහිර පළාත් සභාවේ නිල කාලය ද එළැඹෙන 10 වැනිදා අවසන් වීමට නියමිත අතර ඌව පළාත් සභාවේ නිල කාලය ලබන සැප්තැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිත බව ජාතික මැතිවරණ කොමිසම සඳහන් කරයි.

කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විමේ අවශ්‍යතාවය අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කථානායකවරයා දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොස්පැළ 500,000ක් රටපුරා රෝපණය කිරීමේ වැඩ පිළිවෙළ 08 දා ඇරඹේ

Mohamed Dilsad

අගමැති යාපනයේ සංචාරයක

Mohamed Dilsad

මොරටුවෙන් සොයාගත් අවිආයුධ මධුෂ්ගේ බව හෙළි වෙයි(ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment