ප්‍රමුඛ පුවත 1

මොරටුවෙන් සොයාගත් අවිආයුධ මධුෂ්ගේ බව හෙළි වෙයි(ඡායාරූප)

(UTV| කොළඹ) – දියමන්ති කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික හෙවත් ‘කැවුමා’ රැදී සිටි මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ නිවසේ තිබු හෙරොයින් සහ අවි ගබඩාව පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ බව අනාවරණ වී තිබේ.

ඊයේ (11) දිනයේදී මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ  පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ මෙහෙයුමකදී එම නිවසේ තිබී කෝටි 180කට අධික හෙරොයින් කිලෝග්‍රෑම් 177ක් සොයා ගනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ හෙරොයින්වලට අමතරව ටී 56 ගිනි අවි සඳහා යොදන උණ්ඩ 2803, බෝර 12 පතොරොම් 234ක්, ස්වයංක්‍රීය ගිනි අවියක් සහ තවත් ආයුධ කිහිපයක් සොයා ගත් බවයි.

පසුව සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ දැනට ඩුබායි හි අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ හෙරොයින් සහ ගිනි අවි මෙලෙස මෙම නිවසේ ගබඩා කර තිබු බවයි.

එම නිවස මධුෂ් විසින් මිලදී ගෙන එහි හෙරොයින් සහ අවි ආයුධ ගබඩා කර ඇත.

අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික හෙවත් කැවුමාගෙන් පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අතර, මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2019/03/MORATUWA-WEAPONSE-02-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2019/03/MORATUWA-WEAPONSE-04-UTV-NEWS-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2019/03/MORATUWA-WEAPONSE-03-UTV-NEWS-1.jpg”]

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බෝගස්වැව සිද්ධියේ හිටපු යුද හමුදා සෙබළාගේ වැඩ තහනම් කෙරේ

Mohamed Dilsad

පනතක් තුලින් රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරනවා [VIDEO]

Mohamed Dilsad

තව්හිත් ජමාත් අනුගාමිකයින් 64 දෙනා යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment