ප්‍රමුඛ පුවත 1

මදූෂ් සමග සිටි දෙදෙනෙක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

(UTV| කොළඹ) – මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහි දී අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයින් දෙදෙනෙක් පිටුවහල් කිරීමෙන් පසු අද (02) අලුයම කටුනායක ගුවන් තොටුපලේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ ඔවුන් අද අලුයම  04.55ට පමණ ශ‍්‍රී ලංකන් ගුවන් යානයකින් දිවයිනට පැමිණ ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඞ් සියාම් නැමැති 48 හැවිරිදි පුද්ගලයෙකු සහ ලංකා සජිත පෙරේරා නමැති 40 හැවිරිදි පුද්ගලයකුවයි.

ඔවුන්ගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ඇමති රිෂාඩ් වව්නියාව සතොස ශාකාව හදිසියේ නිරීක්ෂණය කරයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු ගැලරිය හෙටත් මහජනතාවට වැසේ.

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන්ට ජනපති දුන් පොරොන්දුව

Mohamed Dilsad

Leave a Comment